Please NOTE: FWA admins will NEVER ask for leadership or promotion in your clan. Do not promote ANYONE you do not know who claims to be in the FWA. >>> FWA ඇඩ්මින්ලා කවදාවත් Leader / Co-Leader ඉල්ලන්නෙ නෑ, එහෙම කියන කාවවත් ප්‍රමෝට් කරන්න එපා, මොකද ඔයාලා දන්නෙ නෑ ඇඩ්මින්ලා කවුද කියන්න<<<
මොකක්ද මේ fwa කියන්නෙ.
(Farm War Alliance)
Clan war එකක් අපි සර්ච් කරනකොට ඇල්ගොරිතම් එකක් තමයි රන් වෙන්නෙ
ඒ කියන්නේ අපේ CLAN එක වෝ සර්ච් කරන ටයිම් එකේ ඒ වෙලාවෙම ලෝකෙ කොහෙ හරි තවත් සර්ච් කරන ක්ලෑන් අතරින් අපේ ක්ලෑන් එකට වැඩියෙන්ම ගැලපෙන එක තෝරල දෙන විදියට SUPERCELLලා හදලා තියන ප්‍රෝග්‍රෑම් එකක්.
ඉතින් FWA CLAN වලදි වෙන්නෙ මෙන්න මේ දේ අපේ වාසියක් කරගන්න එක.
ඒ කියන්නෙ දැනට ක්ලෑන් 600කට වැඩි සාමූහිකත්වයෙන් FWA ෆැමිලි එකක් හදාගෙන තියෙනව.
මේ එකතුවේදි හැම ක්ලෑන් එකක්ම යම්කිසි නීති සමුදායක් අනුව තමා වැඩ කරන්නෙ.
ක්ලෑන් වලට තියන මූලික නීති ටිකක්
1. Fwa clan හැම එකක්ම එකම වෙලාවට war සර්ච් කරන්න ඕන.2 . ඒ වගේම ක්ලෑන් හයසිය ගානම එකම ස්ටෑන්ඩර්ඩ් එකකට මෙම්බර්ස් ල මේන් ටේන් කරගන්නෝන.
>>>ඒ කියන්නෙ TH12 Base 10යි, TH11 Base 10යි, TH10 Base 10 යි වගේ නියමිත එකම ක්‍රමේකට හැමෝම ක්ලෑන් එක හදාගන්න ඕන. ඔය මම කිව්වෙ ඇත්තටම එයාල හදාගෙන ඉන්න ක්‍රමේ නෙවෙයි උදාහරණයක් විදියට<<<
3. හැම කෙනෙක්ම වෝ Base එකට FWA WAR LAYOUT එක දාගන්න ඕන
>>>මෙන්න මෙතනදි තමා ඔයාලට අලුතෙන් එකතු වෙන දේ ටිකක් පිස්සු වගේ දැනෙන්නේ, මේක ම' පල්ලෙහායින් විස්තරයක් එක්ක තේරුම් ගන්න පුලුවන් විදියට යට විස්තරේ ඇතුලෙම දාන්නම් පොටෝ එකකුත් එක්ක, මොකද මේ බේස් ලේයවුට් එකත් එක්ක තමයි FWA වල වාසිය මතුවෙන්නේ<<<
මේ සිස්ටම් එකේදි හැම වෝ එකක්ම දිනනවා කියලා වැරදි මතයක්නම් හදාගන්න එපා
වෝ ඇටෑක් කරන සිස්ටම් එකක් තියනවා,
උඩ කීවා වගේම එකම වෙලාවකදි වෝ ස්ටාර්ට් කරලා අපිට හම්බෙන එනමි FWA CLAN දෙකේ ලීඩර්ලා දෙන්නා චැට් කරනවා එතනදියි තීරණය කරන්නේ කවුද දිනන්නෙ පරදින්නෙ කියලා, ඒකට පොඩි ක්‍රම දෙකක් තියනවා,
- LAST 7 WAR
- TIE BEAKER
පලවෙනි විදියෙන් බැරි උනොත් විතරයි දෙවනි ක්‍රමයට යන්නේ, ඔයාලට දැන ගන්න මම පලවෙනි ක්‍රමය මෙහෙම කියලා දෙන්නම්.
ඒකෙදි වෙන්නෙ අවසානට ගහපු ක්ලෑන් වෝ 7න් වැඩි දිනුම් වාර අරං තියෙන අය මේ වතාවෙ වෝ එක පරදින්න ඕන. අඩුවෙන් වින් කරපු අයට තමා ඒ වෝ එකේදි දිනුම දෙන්නෙ. ඒක FWA ප්‍රධාන නීතියක්. හැමෝටම සාධාරණයක් ඉටු වෙන්නයි එහෙම කරන්නෙ. එහෙම නැත්තං හැමෝම වින් කරන්න ගැහුවොත් මේක කරන්න බෑ. ඔය කිව්ව වෝ සිස්ටම් එක FWA ක්ලෑන් එකකට ජොයින් උනාම හරියටම බලගන්න පුලුවන්. අපේ ක්ලෑන් හයසිය ගානම මේ නීති අනුගමනය කරනව.
.
FWA CLAN වල තියන ලොකුම වාසිය තමයි, වෝ ඇටෑක් කරන්න කරදරයක් නැති එක, ඒ වගේම විශේෂයෙන් දිනනවද පරදිනවද කියලා කලින්ම දැනගෙන ඒ විදයට ඈටෑක් කරන්න පුලුවන් වීම, දිනන වෝ එකක උනත් පොඩි කොස්ට් එකක් යන පොඩි ආමි එකකින් තරු තුනම දාන්න පුලුවන් වගේම, පරදින වෝ එකකදි කිසිම ආමි ටෘෘප් එකක් නැතුව හීරෝස්ලා විතරක් දාලා තරු දෙකක් ගන්නත් පුලුවන්, ඕනම පරදින වෝ එකකදි 30% බෝනස් එක ලැබෙනවා, ඒක අපිට ලැබෙන්නෙ කිසිම ආමි ටෘෘප් එකක් වියදමක් නැතුව තමන්ගෙ ප්‍රොෆයිල් එකට තරු දෙකකුත් එකතු කරන්, මොකද හැම FWA ක්ලෑන් එකකම හැම ප්ලේයර් කෙනෙක්ම ඒකට ආදාල විදියට වෝ බේස් එකේ ලේයවුට් එක හදාගෙනයි ඉන්නේ එතකොට මේ තියෙන්නේ TH9ට අදාල ඒ ලේයවුට් එක
ඉතින් මම හිතනවා ඔයාලට මොකක්ද මේ FWA කියන්නේ කියන ප්‍රශ්නෙට සරලව උත්තරයක් ලැබුනා කියලා, මේ විතරක් නෙමෙයි දැනගන්න ගොඩාක් දේවල් තියනවා, මේ ක්ලෑන් එකක ප්ලේයර් කෙනෙක් විදියට ඉද්දි අනුගමනය කරන්න ඕන නීති තියනවා ඒවත් එක්ක ඉක්මනටම වැඩි දුර විස්තර අරගෙන එන්නම්

No comments:
Post a Comment